http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Sunday, October 26, 2014

හැමෝටම trading වලින් සාර්ථක වෙන්න පුලුවන්ද?

ඔබට ඕනෑම ව්‍යාපාරයක් සාර්ථකව සිදුකිරීම සදහා ඔබ ඒ ව්‍යාපාරය කරන පුද්ගලයන්ගේ අත්දැකීම් දැනගෙන තිබීම ඉතා වැදගත් වෙනවා. එසේ නොමැති උවහොත් ඔබට මුහුණදීමට තිබෙන අභියෝග වලදී ඔබ වැරදි තීරණ ගෙන විශාල අලාභයන් සිදුකරගැනීමේ හැකියාවක් තිබෙනවා. සරල උදාහරණයකින් මෙය පැහැදිළි කරන්නම්. ඔබ වාහනයක් පදවන්න ඉගෙන ගනිද්දී ඔබ ඉතා පරිස්සමෙන් එම වාහනය පදවන්න පුරුදු වෙනවා. එයට හේතුව ඔබ දන්නවා වාහන වලින් විශාල අනතුරු සිදුවෙන්න පුළුවන් බව. නමුත් Forex trading වලට යොමු වන ආධුනිකයන් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ trading වලදීත් බරපතල අලාභ සිදුවිය හැකි බව. එයට හේතුව ඔව්න්ට එම ව්‍යාපාරය සාර්ථකව සිදුකරන පුද්ගලයන් සහ අසාර්ථක වූ පුද්ගලයන්ගෙ අත්දැකීම් ගැන අවබෝධයක් නොමැති වීමයි.

MT4 මෘදුකාංගය භාවිතා කර Buy හෝ Sell කිරීමට සහ සරල නීති රීති පමණක් ඉගෙනගෙන ආයෝජනයක් සිදුකර trade කිරීමට යන බොහෝ දෙනාට ලාභ ලැබීම ඉතා අපහසු දෙයක්. ඊට ප්‍රධාන හේතුවක් තමයි, තමන් භාවිතා කරන එකම ක්‍රමය සෑම අවස්ථාවකදීම භාවිතා කිරීමට උත්සහ කිරීම. පළමු අවස්ථාවේදී නිවැරදිව ගනුදෙනුවක් සිදුකරන නමුත් ඉදිරියට ගමන් කල පසුව තමන් කලින් භාවිතා කරපු method එක බොහෝදුරට තවදුරටත් ප්‍රයෝජනවත් නොවිය හැක. නමුත් එම ක්‍රමවේදයම (system/setup/method එකම) භාවිතා කර trade කිරීමෙන් වෙළදපොලෙහි සිදුවන සියුම් වෙනස්වීම් හඳුනාගැනීම ඉතා අපහසු වේ. එබැවින් වෙළදපොලෙහි මුල, මැද සහ අග යන අවස්ථා වලට ගැලපෙන ආකාරයට වෙනස් ක්‍රමවේද භාවිතා කල යුතුය.

අවස්ථාවන්ට ගැළපෙන පරිදි ක්‍රමවේද නිර්මාණය කරගැනීමේදී විවිද indicators සහ templates භාවිතා කල හැක. කලින් සිදුවී තිබෙන trend වීම් භාවිතා කර පියවරෙන් පියවර තමාගේ ක්‍රමවේද නිර්මාණය කරගත යුතුය. එලෙස ක්‍රමවේද විශාල ගණනක් දියුණු කිරීමට විශාල කාලයක් ගතවිය හැක. නමුත් එවැනි ක්‍රමවේද නිර්මාණය කර නොගෙන trade කරන්නේ නම් අවම වශයෙන් trading signals සේවාවක් ලබාගත යුතුය. එවැනි අවස්ථා වලදීත් සති කිහිපයක් පුහුණු වීමෙන් පසුව පමණක් වැඩි අවදානමක් ගෙන ගනුදෙනු කල යුතුය. ක්‍රමවේද තමන් විසින් දියුණු කිරීමට කාලය වැය කිරීමත් ඉතා අපහසු මෙන්ම විශාල කාලයක් වැය වෙන කාර්යක් බවත් දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා. මෙවැනි කරුණු දැනගෙන trade කිරීම මගින් අනපේක්ෂිත පරිදි විශාල අලාභයන් සිදුවීම අවම කරගත හැක.

ඔබට එක සාර්ථක ක්‍රමවේදයක් ඉගෙනගැනීමට හැකිවිය හැක. නමුත් නිතර trade කිරීමේදී එක ක්‍රමවේදයක් පමණක් ප්‍රමාණවත් නොවන බව නිතර ගනුදෙනු කිරීමට පෙර දැනගෙන සිටිය යුතුය. ඔබ විසින් එකතු කරගෙන පුහුණු වන සාර්ථක ක්‍රමවේද ප්‍රමාණය අනුව ඔබගේ සාර්ථක බව බොහෝ දුරට තීරණය වේ.

- සුරේෂ් මධුසංක.
ranrahas.com

2 comments:

  1. GPS robot [10x increase of the deposit balance]

    I just got done with a webinar with Mark and his partner, Antony, two days ago and it was GREAT.

    During the webinar Mark and Antony shared their stories to success and answered questions about their new release of the GPS Forex Robot that CAME OUT TODAY!

    ReplyDelete
  2. Hi everyone, Are you into trading or just wish to give it a try, please becareful on the platform you choose to invest on and the manager you choose to manage your account because that’s where failure starts from be wise. After reading so much comment i had to give trading tips a try, I have to come to the conclusion that binary options pays massively but the masses has refused to show us the right way to earn That’s why I have to give trading tips the accolades because they have been so helpful to traders . For a free masterclass strategy kindly contact maryshea03@gmail.com for a free masterclass strategy. She'll give you a free tutors on how you can earn and recover your losses in trading for free..

    ReplyDelete