http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Monday, June 27, 2016

Real Trading සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු අත්‍යවශ්‍ය නීති පිළිබඳ පරික්ෂාව

* ඔබ විසින් යොදන trade එක පිළිබඳ කොපමණ විශ්වාසද?
- අවම 70% ක දිනුම් අනුපාතයක් තිබිය හැකියැයි අනුමාන කලහැකි විය යුතුය. (එය පළපුරුද්ද අනුව තීරණය කල යුතුය)



* ඔබ විසින් ගැනීමට සූදානම් වන අවදානමට සාපේක්ෂව ප්‍රතිලාභය ඔබට ප්‍රමාණවත්ද? 

- උදා:- අවදානම : ප්‍රතිලාභය = > අවම 3 : 2 විය යුතුය. එමෙන්ම stop loss සඳහා pips 25 ක් පමණ ලබාදුන් trade එකක් මගින් අවම pips 15 ක් වත් ලබාගත හැකි විය යුතුය (scalping වලදී හැර). 

* ඔබගේ සියලු නීති සහ විශ්ලේෂණයන්ට එකඟද?

- Indicators (Bollinger bands, CCI etc) / Candlestick patterns වැනි කරුණු වලට අදාල නීති වලට අනුව නිවැරදි විය යුතුය.

* ඔබ යම් නීතියක් මගහැර trade කිරීමට සූදානම් වන්නේද?

- එසේ කිරීම ඉතාමත් අවදානම් බැවින් විශේෂ අවස්ථාවකදී (news ඇතිවිට හෝ සඳුදා දින වලදී) හැර එසේ trade නොකල යුතුය.

* ඔබ විසින් (විශේෂයෙන් H1 හි) යොදන trade එක පැයකට වරක් පරික්ෂා කිරීමට ඔබ සූදානම්ද? 

- එසේ කිරීම ඉතාමත් අතHවශH වේ.

* ඔබ trade එක යෙදීමට ප්‍රමාද වී ඇත්ද? (එනම් risk : reward අනුපාතය 4 : 2 ක් පමණ වී ඇත්නම්)

- ඔව් නම්, trade නොකරන්න.

* ඔබ trade කරන (micro) lots ගණන සහ pips ගණන මගින් සිදුවිය හැකි අලාභය ඔබගේ ආයෝජනයෙන් 5% කට වඩා අඩුද?

- එක් අවස්ථාවකදී යොදන trades මගින් 5% ට අඩුවෙන් අලාභයක් සිදුවන පරිදි stop loss සඳහා ලබාදෙන pips ගණන සහ trade එකෙහි (micro) lots ගණන පවත්වා ගන්න.

* Trade එක යෙදූ පසු stop loss දෙසට ගමන් කලහොත් පළමු trade එක යෙදූ දිශාවටම තවත් trade එකක් සිදුකිරීම මගින් තවදුරටත් අලාභ නොවී ලාභයක් ලැබිය හැකි බවට විශ්වාසයක් තැබිය හැකිද?

- එසේ නැවත trade කිරීම සඳහා විශ්වාසයක් තැබිය හැකි අවස්ථා වලදී trade කිරීම වඩා සුදුසුය.

* Trades close කිරීමට අදාල නීති අනුගමනය කිරීමට සූදානම්ද?

- මෙහිදී H4 chart එකෙහි EMA සහ Bollinger Band යන රේඛාවන් ගැනද සැළකිලිමත් විය යුතුය. එම රේඛාවක් ස්පර්ශ වීමට ආසන්න විට ද close කිරීමට සූදානම් විය හැක.

* News events මගින් සිදුවිය හැකි බලපෑම technical analysis (candle patterns etc) මගින් හඳුනා ගත හැකිද?

- එම බලපෑම් හඳුනාගත නොහැකිනම් හෝ එය විරුද්ධ දිශාවට නැඹුරුයි නම්, වැඩිපුර යොදා ඇති trades හෝ අදාල සියලුම trades තාවකාලිකව close කර අදාල බලපෑම සිදුවීමෙන් පසුව නැවත trade කල හැක. 


H4 හි යොදා ඇති අවිනිශ්චිත trade එකක අවදානම/ අලාභය අවම කරගැනීම


* ඔබ trade කර ඇත්තේ පහලට (sell) වන නමුත් trend එක ඇත්තේ ඉහලට නම් ඔබගේ trade එක pip 20 ක් පමණ අලාභ දෙසට ගොස් ඇති විට, තවදුරටත් ඒ දෙසටම ගමන් කල හැකි බව සිතේ නම් එහිදී පෙර sell කර තිබූ trade එක සමතුලිත වන පරිදි buy trade එකක් ලබාදිය හැක. ඉන්පසුව sell trade එකෙහි take profit target එක pip 15 ක් පමණ ලබාදී එහි stop loss සඳහා pip 50 ක් පමණ ලබාදී ඇත්නම් දෙවන වරට යෙදූ buy trade එකෙහි take profit target එක පළමු trade එකෙහි stop loss අගය අසල ඊට පහලින් set කරන්න. මෙහිදී එම take profit target එක resistant level එකකට පහලින්ද stop loss අගය එම resistant level එකට ඉහලින්ද set කිරීම වඩා සුදුසුය. එවිට එම trend එක තවදුරටත් ඉදිරියට ගමන් කලහොත් පළමු trade එක මගින් pip 50 ක් පමණ loss වුවද දෙවන trade එකෙන් pip 20 ක් පමණ profit වන බැවින් සම්පූර්ණ loss එක pip 30 ක් දක්වා අඩුකරගත හැක. නමුත් ඉහලට ගමන් කිරීමට පෙර තරමක් පහලට ගමන් කලහොත් buy කල trade එක close වන බැවින් එය close වී නැවතත් ඉහලට ගමන් trend වීමේ හැකියාව ඉතා ඉහල බැවින් ඔබට එමගින් අලාභයක් නොමැතිව trades දෙකම close කරගත හැක. එසේ නොමැතිව පහලටම ගමන් කලහොත් එහිදී පළමුව sell කල trade එක මගින් pip 5 ක් පමණක් loss වන නමුත් දෙවන වර buy කල trade එක මගින් pip 35 ක පමණ අලාභයක් සිදුවිය හැකි බැවින් සම්පූර්ණ අලාභය pip 40 ක් පමණ වේ. නමුත් එයද pip 50 කට වඩා අඩුය. එනම් ඉහත ආකාරයට අලාභය පාලනය කිරීමට උත්සහ නොකලද pip 40 ක් හෝ 50 ක් පමණ loss විය හැකි බැවින් ඉහත ක්‍රියාවලිය භාවිතයෙන් අවදානම/ අලාභය අවම කරගැනීමට උත්සහ කල හැක. 


- සුරේෂ් මධුසංක 

ranrahas.com 

Tuesday, June 21, 2016

Why We Want ZuluTrade?



ZuluTrade වැනි websites වලට සම්බන්ධව trade කරන අය ගැන ඔබ දැනගතු වන්නේ ඒ අය සමග trade කර ඔබටද ඔබගේ හැකියාවන් සංසන්දනාත්මකව දැනගත හැකි නිසයි.


ZuluTrade ගැන මං යමක් කිව යුතුයි කියල මට හිතුනෙ යම් අය zulutrade ආයතනයට සහ zulutrade වැනි ක්‍රමවේද පිළිබඳ වැරදි මත පතුරමින් තමන්ගේ commission එක ගැන පමණක් සිතමින් හැමෝටම තනියම trade කිරීමෙන්ම ලාභ ඉපයිය හැකි බව පවසමින් මිනිසුන්ව ආයෝජනයට නැඹුරු කරමින් එම මුදල් ඉවරවනතෙක් commission එක ලබාගනිමින් සිටින නිසා නොදැනුවත්වම ආධුනිකයන් මුදල් ආයෝජනය කරමින් විශාල වශයෙන් පාඩු විදින බව දකින්නට ලැබුන නිසයි.


සාර්ථක Forex trader කෙනෙක් වීමට වසර කිහිපයක් ගතවෙන බව දැනගැනීමට ZuluTrade වැනි කාටත් දැකගතහැකි ලොව පුරා සිටින විවිධ පුද්ගලයන් trade කරන විදියෙන් හිතාගන්න පුළුවන්. ඊට වඩා හොදට trade කරන්න පුළුවන් අය ඉන්නව උනත් zulutrade එකේ අයගෙන් rank එකේ පළමු 100 අතරට එන්නවත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරලා පෙන්වන්න ඕනෙ. එහෙම නැතුව පළමු සියදෙනාගේ අඩුපාඩු පෙන්වමින් ඊට වඩා තමන්ටම trade කරන්න පුළුවන් කියල මවා පෑමක් කරන අය නිසා තනියම trade කරන්න ගිහින් අනුන්ව පොහොසත් කරල තමන් හිගන්නො වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න නම් හොදට කල්පනා කරල බලන්න Forex කියන්නෙ ලෙහෙසි දෙයක් නෙමෙයි, එත් සමහර අය Forex උගන්වන website එකක් හදල මාස හයක් යන්නත් කලින් 100 - 200 කට වඩා අයව සාර්ථක කල බව පෙන්වමින් කරන්නෙ ඔබව අමු අමුවේ මුලා කිරීමක් බව බුද්ධිමත්ව තේරුම් ගන්න. නමුත් හැම තැනකින්ම ඉගෙන ගෙන අසාර්ථක වුන අය මාව හමුවෙලා තියනවා.


Trade කල හැකි බව පෙන්වන කිසිම සාක්ෂියක් ඉදිරිපත් නොකර Forex පිළිබඳ අන්තර්ජාලයේ ඕන තරම් සොයාගත හැකි කරුණු පමණක් ඉදිරිපත් කරමින් මාහා ලොකු ලාභ ලබන බව මාවාපමින් මිනිසුන් මුලා කරමින් තමන්ගේ ලාභය ගැන පමණක් සිතමින් Forex developing වලට වඩා වැඩි කාලයක් Forex broker සමාගම් වලට අවශ්‍ය පරිදි Forex marketing සිදුකරමින් Forex trading කරන ක්‍රම තමන්ටම සොයාගත හැකි බව වැනි මිත්‍යාවන් තරමටම දුෂ්කර මාර්ගයක මිනිසුන්ව ගමන් කරවීමට සිහින මාලිගා තනන අය දේශීයව සහ විදේශීයව දකින්න ඉන්න නිසා මුදල් ආයෝජනය කිරීමේදී ඉතා සැළකිලිමත් විය යුතුයි. ඔබේ මුදල් වලට වගකීමක් ඔවුන්ගෙන් ලැබෙන්නෙ නැහැ. අන්තිමේදී තිබුන දේත් නැති උනාම වැරදි කාරයා තමන්ම බව ඔව්න් පවසනවා. ඒක එහෙම වෙන්න ඇති බව සිතාගෙන තවදුරටත් වරදවාගත් අයත් මට හමුවෙලා තියනවා.


වසර ගානක අත්දැකීම් ඇතිව සත්‍ය මුදල් වලින් trade කරන අය සහ මුදල් ආයෝජනය නොකර trader කෙනෙක් විදියට trade කර ලාභ ලැබීමට උත්සහ කරන අයට අවස්ථාව සලසා දී තිබෙන zulutrade වැනි ආයතන වලින් පෙන්වන Forex වල යතා තත්වයට මුහුණ දෙන ආකාරය ගැන නොදැන ඊට වඩා හොදට තමන්ටම trade කරන්න පුළුවන් බව කියනවනම් ඒක zulutrade හරහා හෝ එවැනි වෙනත් මාධ්‍යක් හරහා පෙන්වා දීමට හැකියාවක් තියෙන්න ඕනෙ. ZuluTrade වැනි වසර ගණන් තිස්සේ trade කරන අය සිටින තැන් වල අඩුපාඩු ගැන විතරක් කියන්නෙ තමන්ගේ හැකියාව ලොවට පෙන්වීමේ නොහැකියාව නිසා හැර වෙන දෙයක් නිසා නෙවෙයි.


- සුරේෂ් මධුසංක

ranrahas.com