http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Monday, June 27, 2016

Real Trading සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු අත්‍යවශ්‍ය නීති පිළිබඳ පරික්ෂාව

* ඔබ විසින් යොදන trade එක පිළිබඳ කොපමණ විශ්වාසද?
- අවම 70% ක දිනුම් අනුපාතයක් තිබිය හැකියැයි අනුමාන කලහැකි විය යුතුය. (එය පළපුරුද්ද අනුව තීරණය කල යුතුය)



* ඔබ විසින් ගැනීමට සූදානම් වන අවදානමට සාපේක්ෂව ප්‍රතිලාභය ඔබට ප්‍රමාණවත්ද? 

- උදා:- අවදානම : ප්‍රතිලාභය = > අවම 3 : 2 විය යුතුය. එමෙන්ම stop loss සඳහා pips 25 ක් පමණ ලබාදුන් trade එකක් මගින් අවම pips 15 ක් වත් ලබාගත හැකි විය යුතුය (scalping වලදී හැර). 

* ඔබගේ සියලු නීති සහ විශ්ලේෂණයන්ට එකඟද?

- Indicators (Bollinger bands, CCI etc) / Candlestick patterns වැනි කරුණු වලට අදාල නීති වලට අනුව නිවැරදි විය යුතුය.

* ඔබ යම් නීතියක් මගහැර trade කිරීමට සූදානම් වන්නේද?

- එසේ කිරීම ඉතාමත් අවදානම් බැවින් විශේෂ අවස්ථාවකදී (news ඇතිවිට හෝ සඳුදා දින වලදී) හැර එසේ trade නොකල යුතුය.

* ඔබ විසින් (විශේෂයෙන් H1 හි) යොදන trade එක පැයකට වරක් පරික්ෂා කිරීමට ඔබ සූදානම්ද? 

- එසේ කිරීම ඉතාමත් අතHවශH වේ.

* ඔබ trade එක යෙදීමට ප්‍රමාද වී ඇත්ද? (එනම් risk : reward අනුපාතය 4 : 2 ක් පමණ වී ඇත්නම්)

- ඔව් නම්, trade නොකරන්න.

* ඔබ trade කරන (micro) lots ගණන සහ pips ගණන මගින් සිදුවිය හැකි අලාභය ඔබගේ ආයෝජනයෙන් 5% කට වඩා අඩුද?

- එක් අවස්ථාවකදී යොදන trades මගින් 5% ට අඩුවෙන් අලාභයක් සිදුවන පරිදි stop loss සඳහා ලබාදෙන pips ගණන සහ trade එකෙහි (micro) lots ගණන පවත්වා ගන්න.

* Trade එක යෙදූ පසු stop loss දෙසට ගමන් කලහොත් පළමු trade එක යෙදූ දිශාවටම තවත් trade එකක් සිදුකිරීම මගින් තවදුරටත් අලාභ නොවී ලාභයක් ලැබිය හැකි බවට විශ්වාසයක් තැබිය හැකිද?

- එසේ නැවත trade කිරීම සඳහා විශ්වාසයක් තැබිය හැකි අවස්ථා වලදී trade කිරීම වඩා සුදුසුය.

* Trades close කිරීමට අදාල නීති අනුගමනය කිරීමට සූදානම්ද?

- මෙහිදී H4 chart එකෙහි EMA සහ Bollinger Band යන රේඛාවන් ගැනද සැළකිලිමත් විය යුතුය. එම රේඛාවක් ස්පර්ශ වීමට ආසන්න විට ද close කිරීමට සූදානම් විය හැක.

* News events මගින් සිදුවිය හැකි බලපෑම technical analysis (candle patterns etc) මගින් හඳුනා ගත හැකිද?

- එම බලපෑම් හඳුනාගත නොහැකිනම් හෝ එය විරුද්ධ දිශාවට නැඹුරුයි නම්, වැඩිපුර යොදා ඇති trades හෝ අදාල සියලුම trades තාවකාලිකව close කර අදාල බලපෑම සිදුවීමෙන් පසුව නැවත trade කල හැක. 


H4 හි යොදා ඇති අවිනිශ්චිත trade එකක අවදානම/ අලාභය අවම කරගැනීම


* ඔබ trade කර ඇත්තේ පහලට (sell) වන නමුත් trend එක ඇත්තේ ඉහලට නම් ඔබගේ trade එක pip 20 ක් පමණ අලාභ දෙසට ගොස් ඇති විට, තවදුරටත් ඒ දෙසටම ගමන් කල හැකි බව සිතේ නම් එහිදී පෙර sell කර තිබූ trade එක සමතුලිත වන පරිදි buy trade එකක් ලබාදිය හැක. ඉන්පසුව sell trade එකෙහි take profit target එක pip 15 ක් පමණ ලබාදී එහි stop loss සඳහා pip 50 ක් පමණ ලබාදී ඇත්නම් දෙවන වරට යෙදූ buy trade එකෙහි take profit target එක පළමු trade එකෙහි stop loss අගය අසල ඊට පහලින් set කරන්න. මෙහිදී එම take profit target එක resistant level එකකට පහලින්ද stop loss අගය එම resistant level එකට ඉහලින්ද set කිරීම වඩා සුදුසුය. එවිට එම trend එක තවදුරටත් ඉදිරියට ගමන් කලහොත් පළමු trade එක මගින් pip 50 ක් පමණ loss වුවද දෙවන trade එකෙන් pip 20 ක් පමණ profit වන බැවින් සම්පූර්ණ loss එක pip 30 ක් දක්වා අඩුකරගත හැක. නමුත් ඉහලට ගමන් කිරීමට පෙර තරමක් පහලට ගමන් කලහොත් buy කල trade එක close වන බැවින් එය close වී නැවතත් ඉහලට ගමන් trend වීමේ හැකියාව ඉතා ඉහල බැවින් ඔබට එමගින් අලාභයක් නොමැතිව trades දෙකම close කරගත හැක. එසේ නොමැතිව පහලටම ගමන් කලහොත් එහිදී පළමුව sell කල trade එක මගින් pip 5 ක් පමණක් loss වන නමුත් දෙවන වර buy කල trade එක මගින් pip 35 ක පමණ අලාභයක් සිදුවිය හැකි බැවින් සම්පූර්ණ අලාභය pip 40 ක් පමණ වේ. නමුත් එයද pip 50 කට වඩා අඩුය. එනම් ඉහත ආකාරයට අලාභය පාලනය කිරීමට උත්සහ නොකලද pip 40 ක් හෝ 50 ක් පමණ loss විය හැකි බැවින් ඉහත ක්‍රියාවලිය භාවිතයෙන් අවදානම/ අලාභය අවම කරගැනීමට උත්සහ කල හැක. 


- සුරේෂ් මධුසංක 

ranrahas.com 

3 comments:

  1. Now about 1000 of company provide Forex signals. Lot of company spam ,some company just update website not provide signals and there cheat members money, but I said that Usa Forex Signal provide 100% real Whatsapp, Skype and Email via forex signals company.

    ReplyDelete
  2. I mean Hot Forex Signal is the best Forex trade copier Service Provider.

    ReplyDelete
  3. Hi everyone, Are you into trading or just wish to give it a try, please becareful on the platform you choose to invest on and the manager you choose to manage your account because that’s where failure starts from be wise. After reading so much comment i had to give trading tips a try, I have to come to the conclusion that binary options pays massively but the masses has refused to show us the right way to earn That’s why I have to give trading tips the accolades because they have been so helpful to traders . For a free masterclass strategy kindly contact maryshea03@gmail.com for a free masterclass strategy. She'll give you a free tutors on how you can earn and recover your losses in trading for free..

    ReplyDelete