http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Friday, September 2, 2016

Forex Analysis From Ranrahas.com (රන්රහස්.com)

Forex ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය යෝජනාවන් (proposals/ Trade idea) එනම් ගනුදෙනුවක් කිරීමට සුදුසු වෙලාව සහ අදාළ මුදල් යුගලය ගමන් කරන දිශාව සහ දුර වැනි කරුණු පිළිබඳව විවිධ තාක්ෂණික ක්‍රම වලට අනුව ඉදිරිපත් කරන අනුමානයන් අධ්‍යයනය කිරීම මගින් ගනුදෙනුවක් සිදු කිරීමට අවස්ථාවක් සොයාගැනීමට උත්සහ කරන්න පුළුවන්.

ඒත් බොහෝ broker සමාගම් සහ පුද්ගලයන් ඉදිරිපත් කරන අනුමානයන් එතරම්ම නිවැරදි නොවන අවස්ථා බොහෝ අපිට දකින්න තියනවා. ඊට හේතුව ඒවා නොමිලේ ලබාදෙන සේවාවන් වන නිසා ඔව්න් එම විශ්ලේෂණයන් (analysis) ඉදිරිපත් කරන්නේ බොහෝ විට ඉතා සරල රටාවන් වලට අනුව හෝ support levels සහ resistant levels වැනි ඉතා ප්‍රාථමික විශ්ලේෂණයන් භාවිතා කරමින් වන නිසයි. මෙහිදී තියන විශාලම ගැටලුව තමයි ඔව්න් විසින් ඉතා දුරින් stop loss පෙන්වන අතර ඉතා ලඟින් take profit පෙන්වීම. නමුත් එය බොහෝ දෙනෙකුට නොපෙනෙන විදියට ඔව්න් එය ඉදිරිපත් කරන්නේ උපක්‍රමශීලි විදියටයි. එනම් ඔව්න් බොහෝ විට ඔබට targets කිහිපයක් පෙන්වනවා. උදාරණයක් විදියට: Target 1 වලට වඩා දුරින් Target 2 සහ ඊටත් වඩා දුරින් Target 3 ලෙස පෙන්වනවා. එවිට පළමු target එකට පමණක් ඇවිත් සම්පුර්ණයෙන්ම හැරුණත් ඒ විශ්ලේෂණයේ වරදක් කියන්න බැහැ. ඒත් අපිට තිබෙන ගැටළුව තමයි ඔව්න් පෙර විදියටම stop loss අගයක් වෙනුවට support හෝ resistant වැනි levels කිහිපයක් ඉදිරිපත් කිරීමයි. මෙහිදී උදාහරණයක් විදියට Buy කරන අවස්ථාවකදී Target 1 වෙතට තිබෙන දුර සහ පළමු Support level එකට එනම් stop loss වෙනුවට පෙන්වන Support 1 වෙත තිබෙන දුර සමාන හෝ ඊට විශාල උනත් සහ ඒ level එක ලගට අවම අපිට අලාභයක් පෙන්නුවත් විශ්ලේෂණය ඉදිරිපත් කරන අයට වරදක් කියන්න බැහැ ඊට හේතුව ඔව්න් Support 2 ලෙස තවත් පහලින් අගයක් සහ Support 3 ලෙස ඊටත් පහලින් අගයක් ඉදිරිපත් කරන නිසා පහලම තුන් වන support level එකට එනකන්ම ඔව්න්ට වරදක් කියන්න බැහැ. එනම් මෙහිදී අපි පැහැදිලි කරගත යුතු වන්නේ ඔව්න් ඉදිරිපත් කරන Risk සහ Reward අනුපාතය 1:1 ක් නොව 3:1 ක් වන බවයි. එනම් මෙහිදී එක අලාභයක් සිදු වීමෙන් ලාභ 3 ක්ම අහිමි වන බවයි.

අනිත් ගැටලුව තමයි. ඔව්න් මෙහිදී මුදල් පාලන ක්‍රම අනුගමනය කිරීමේ තියන අවදානම ඊට හේතුව ඔව්න්ගේ විශ්ලේෂණයන් බොහෝ දුරට පළමු target එක පමණක් ලබාගැනීමට සිදුකල ඒවා නිසා විරුද්ධ දිශාවට ගමන් කිරීමට ආරම්භ වී පළමු Support level එකට පැමිණි විට පළමු target එක දක්වාම යෑමේ හැකියාව අඩු නිසයි. එබැවින්, ආරම්භ වූ තැන දක්වා පමණක් ඉදිරියට ගමන් කර නැවත විශාල වශයෙන් විරුද්ධ දිශාවටම හෝ දිරියටම ගමන් කිරීමට හැකියාවක් තියනවා, නමුත් එම අවස්ථාව අනුමාන කිරීමේ සම්පූර්ණ වගකීම තමන්ට පැවරෙන නිසා පළමු Support level එකෙහිදී දෙවන ගනුදෙනුවක් සිදුකර අලාභය පියවීමට උත්සහ කරත් එය තවදුරටත් විරුද්ධ දිශාවටම ගමන් කර තවත් අවදානම වැඩි වීමක් හෝ පැත්තට ගමන් කර විරුද්ධ දිශාවටම ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. එවිට ලාභයට මෙන් 5 ගුණයක අලාභයක් සිදුවෙන්න හැකියාවක් තියනවා. ඊට ප්‍රධාන හේතුව risk : reward අනුපාතය 3 : 1 වන නිසා පළමු target එකට පමණක් යෑමට වේගයක් ඇති වෙලාවකදී විශාල ආපසු හැරීමක් සිදු උනොත් ඉදිරියට තිබුන වේගයේ උදාසීන වීමක් එනම් නිශ්ක්‍රීය වීමක් සිදු කිරීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි.


එම බ්‍රෝකර් සමාගම් වලින් එවන විශ්ලේෂණ භාවිතා කිරීමට දක්ෂතාවයක් තිබිය යුතුයි. ඇතැම් අවස්ථා වලදී 1:1 සහ 1:2 අනුපාතයට විශ්ලේෂණ ඉදිරිපත් කරන අවස්ථාත් අපිට දකින්න තියනවා. එවැනි අවස්ථා වලදී පමණක් ගනුදෙනු කිරීමට උත්සහ කිරීම තමයි සුදුසු වෙන්නෙ. බොහෝ Forex බ්‍රෝකර් සමාගම් මගින් නොමිලේ විශ්ලේෂණයන් email මගින් අපිට නොමිලේ ලබාදෙනවා. ඒවා වලිනුත් ඉතා සුළු ප්‍රමාණයක විතරයි පැහැදිලි විශ්ලේෂණයන් දකින්න තියෙන්නෙ. කෙසේ වෙතත් උදාහරණයක් වශයෙන්, බ්‍රෝකර් සමාගම් දෙකක් විසින් මගේ email ලිපිනයට එවන විශ්ලේෂණයන් දෙකක් පහල ඉදිරිපත් කර තියනවා. අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට නොමිලේම ඒවා තමන්ගෙ email ලිපිනයට ලබාගැනීමටත් හැකියාවක් තියනවා.


උදාහරණ 1: www.instaforex.com මගින් විශ්ලේෂණ එවන ආකාරය:




උදාහරණ 2: www.liteforex.com මගින් විශ්ලේෂණ එවන ආකාරය:



ඇතැම් අය බ්‍රෝකර් සමාගම් වලින් එවන විශ්ලේෂණයන් තමන්ගේ වෙබ් අඩවි වල ඉදිරිපත් කර ඒවා තමන්ගේ විශ්ලේෂණයන් ලෙස පෙන්වමින් හෝ තමාගේ දැනුමට අනුවත් ඉහත මා ඉදිරිපත් කල ආකාරයට විශ්ලේෂණයන් ඉදිරිපත් කරමින් තමාගේ ඇඟ බේරගෙන වෙනත් අරමුණු ඉටු කරගැනීමට උත්සහ කරන නිසා, ඒවා ගැන නිවැරදිව දැනුවත් වී Forex ගනුදෙනු සිදුකිරීමේදී සැඟවී තිබෙන අවදානම අඩුකර Forex ගනුදෙනු සිදුකිරීම සඳහා ඉතා හොඳ Risk : Reward අනුපාතයක් ඇති විශ්ලේෂණයන් සහ ඉතා හොඳ දිනුම් අනුපාතයක් ඇති විශ්ලේෂණයන් (Forex Analysis with Signals) අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

අපි ලබාදෙන විශ්ලේෂණයන් වල Risk : Reward අනුපාතය 1 : 1 හෝ අවම 4 : 3 වන නිසා මුදල් පාලන ක්‍රමයක් උනත් අනුගමනය කිරීමේදී ලාභ ලැබීමේ හැකියාව වැඩියි. කෙසේ නමුත් සෑම ගනුදෙනුවකදීම මුදල් පාලන ක්‍රම අනුගමනය කිරීමත් සුදුසු නැහැ. දීර්ග කාලීන නැඹුරුවක් (trend එකක්) තියන අවස්ථා වලදී සහ 80% ක පමණ දිනුම් අනුපාතයක් බලාපොරොත්තු විය හැකි විශ්ලේෂණයන් වලදී පමණක් එවැනි ක්‍රම අනුගමනය කල හැක. මෙහිදී අපි විසින් ස්ථිර Stop loss සහ Take profit අගයන් සමග ඉදිරිපත් කර ඇති විශ්ලේෂණයන් වලදී පමණක් මුදල් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම පිළිබඳ තීරණය කිරීමත් වැදගත් වෙනවා.



- සුරේෂ් මධුසංක 

ranrahas.com